Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2019 12:49:05 Hours

යුද්ධ හමුදා පැරෂුට් භටයින් රුසියාවේදී දස්කම් දක්වයි

රුසියාවේ, ස්කොව්හිදී මෑතකදී පැවති 'යුද්ධ හමුදා ක්‍රීඩා - 2019' සඳහා සහභාගී වූ ලුතිනන් කර්නල් කාංචන වීරසේකරගේ නායකත්වයෙන් යුත් කමාන්ඩෝ සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් අටදෙනෙකුගෙන් සමන්විත පැරෂුට් කණ්ඩායම රටවල් 39 කට අධික සංඛ්‍යාවකගේ අවධානය දිනාගනිමින් ‘පැරෂුට් කණ්ඩායම් තරඟාවලියේදී’ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කණ්ඩායම ප්‍රථම වතාවට රුසියාවේදී පැවැත්වෙන ‘හමුදා ක්‍රීඩා - 2019’ තරගාවලිය සඳහා ආරාධනා ලබයි. මෙම වසරේ අගෝස්තු මස 3 සිට 17 දින දක්වා කාලය තුළ අඛණ්ඩව 5 වන වරටත් මෙම තරගාවලිය සංවිධානය කර තිබිනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කණ්ඩායම රටවල් 21 කට එරෙහිව තරඟ වදිමින් පැරෂුට් කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් යුද්ධ හමුදාවට සහ රටට ගෞරවයක් අත්කරදුන්හ.

කණ්ඩායම් කළමනාකරු ලුතිනන් කර්නල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජි.කේ. වීරසේකර, තීරක මේජර් ඩබ්ලිව්.එම්.එන්.ටී. කුලතුංග ඇතුළු මේජර් ආර්.එච්.ජේ.පී. වර්ණපුර, ඒ.එල්.ඒ. ප්‍රේමලාල්, මාණ්ඩලික සැරයන් පී.ඩී.එන්.පී. සේනාරත්න, සැරයන් ඒ.පී. ගන්ඟහගෙදර, සැරයන් අයි.ජි.ඒ. සමන් කුමාර සහ ලාන්ස් කෝප්‍රල් එල්.ආර්.එන්. බණ්ඩාර යන යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිස මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.Best Authentic Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5