07th October 2019 12:35:39 Hours
මාඳුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 68 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරීන් 11 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 259 ක් සඳුදා (24) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිරයන ලදි.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.පී.කේ.ඒ. පිලපිටිය සහභාගි විය.
මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර නිලධාරීයාට හිමි සම්මානය 6 වන ගැමුණු හේවා බළඇණියේ ලුතිනන් ටී.සී. සේරසිංහ හිමිකරගත් අතර පාඨමාලාවේ හොඳම වෙඩික්කරු ලෙස 18 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ කපිතන් කේ.වයි.එම්.එස්. ධර්මසේන සම්මාන හිමිකරගත්හ.
පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර සෙබලා මෙන්ම හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා ලෙස 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.ජි.ඒ.බී. විජේසෝම විසින් සම්මාන හිමිකරත්හ. පාඨමාලාවේ හොඳම පෙළ ලෙස 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ පෙළ තේරීපත්විය.
මාදුරුඔයදී පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් සහ විසිරයන සෙබළුන්ගේ ඥාතීන් රැසක් එක්ව සිටියහ. Sneakers Store | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092