07th October 2019 12:30:39 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ කෝමාරිකා වගාව ප්‍රවර්ධනය කිරිම පිළිබඳ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (4) දින කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 04 ක් සහ සෙසුනිලයින් 49 ක් වෙනුවෙන් 65 වන සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුව ‘හදබිම’ අධිකාරියේ නිලධාරීන් විසින් පවත්වන ලද අතර කෝමාරිකා වගාව පිළිබඳ ඒකකයන්හි සෙසු නිලයන් පුහුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විණි. තවද, මෙම වැඩසටහන මඟින් අවශ්‍ය වෘත්තිය දැනුම සහ කෘෂිකාර්මික මඟපෙන්වීම ලබාදෙමින් කෝමාරිකා වඟාව ආරම්භ කිරීමට සිවිල් ජනතාව දිරිමත් කළහ. jordan release date | Nike