04th October 2019 18:53:22 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 663 පාබල බලසේනාවේ සිය 9 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂන් ලියනගම ගේ උපදෙස් මත ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
සංවත්සර වැඩසටහන බලසේනා මූලස්ථානයේ පැවැති ‘බෝධි පූජා’ පිංකමත් සමඟ ආරම්භ වූ අතර ඉන් අනතුරුව, ජයපුරම් හින්දු කෝවිලේදී සහ වල්ලෙයිපාඩු දේවස්ථානයේදී බලසේනා ධජයට ආශිර්වාද එක් කිරීමේ ආගමික උත්සව පිළිවෙලින් ඔක්තෝබර් මස 1 සහ 2 දිනයන්හි පැවැත්විණි.
සංවත්සර දිනයේදී, බලසේනාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ බලසේනාධිපතිතුමන් භටපිරිස් අමතනු ලැබීය.
සංවත්සර උත්සවය අතරතුරදී, බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකළ ජල පවිත්‍රාගාරය විවෘත කරන ලදී. තවද, 663 වන බලසේනා ක්‍රිකට් තරඟාවලිය - 2019 ජයග්‍රාහකයින් වෙත එහිදි කුසලාන ප්‍රදානය කරනු ලැබීය. සංවත්සරයට සමගාමීව පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහයකින් සහ සංගීත ප්‍රසංගයකින් සංවත්සර වැඩසටහන අවසන් විය.
663 වන පාබල බලසේනාවේ පැවැති 9 වන සංවත්සර උත්සවය සඳහා බලසේනාවේ භටපිරිස් සමඟ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ හා 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් මෙන්ම සිවිල් සේවකයින් ද එක්වූහ. Buy Kicks | Air Jordan Release Dates 2020