04th October 2019 18:55:21 Hours
ජාතික / ජාත්‍යන්තර හා පැරා ක්‍රීඩා තරඟවලදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් ලද ජයග්‍රහණයන් දිරිගැන්වීම සඳහා මෙන්ම එම ජයග්‍රහණ සඳහා දායකවූ ආබාධිත විරෝදාර රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා සුහද හමුවක් පසුගියදා කමන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර් එච්.එච්.ඒ.එස්.පී.කේ. සේනාරත්න සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරීන්, විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආබාධිත විරෝදාර රණවිරුවන් එක්විය.short url link | Air Jordan