Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2019 18:55:22 Hours

621 වන බලසේනාවේ මුලිකත්වයෙන් පාසල් සිසුන්ට පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.එම්.යූ.ඩි. ජයසිංහ ගේ මඟපෙන්වීම මත වැලිඔය පිහිටි 621 වන බලසේනාවේ මූලිකත්වයෙන් වාහල්කඩ ඩි5 ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (4) දින දියත් කරන ලදී.

එම පාසලේ අධ්‍යාපනය හදාරණ 1 සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන පාසල් සිසුන් 130 දෙනෙකු වෙත පාසල් පාවහන්, පාසල් බෑග්, වතුර බෝතල්, දිවා ආහාර පෙට්ටි, අභ්‍යාස පොත්, කඩදාසි සහ වෙනත් ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ තොගයක් මෙලෙස පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග සඳහා මීගමුව සිහිරි සමුහ ආයතනයේ සභාපතිතුමා අනුග්‍රහය දැක්වූ අතර මෙම අවස්ථාවට පරිත්‍යාගශීලීන් 7 දෙනෙකු සහභාගී වූහ. තවද මෙම අවස්ථාව සඳහා 62 වන සේනාකංයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.එම්.යු.ඩි. ජයසිංහ, 621 වන බලසේනාවේ බලසේනාධිපති, 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී හා 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීන් ඇතුළු දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන් සහභාගි වූහ.

මේ අතර, බ්‍රහස්පතින්දා (3) දින පැවැති පරිත්‍යාග වැඩසටහනට පෙර දින, භට පිරිස් සහ දෙමාපියන් එක්ම ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා ආහාරපාන භටපිරිස් විසින් ලබාදෙනු ලැබීය. Nike shoes | Men's Sneakers