04th October 2019 18:50:22 Hours
232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්.එස්.කේ ලියනවඩුගේ මුලිකත්වයෙන් තාරවිකුලම් ප්‍රදේශයේ පිහිටි 232 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බදාදා (2) දින කල්කුඩා අධ්‍යාපන කොට්ඨාශයට අයත් කුලවාඩි තාරවි ශ්‍රී කලවානි ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි සිසු සිසුවියන් 148 දෙනෙකු සඳහා පාසල් උපකරණ, ආහාර ද්‍රව්‍ය, නිල ඇදුම් සහ අත්‍යවශ්‍ය පාසල් උපාංග තොගයක් පරිත්‍යාග කළේය.
මෙම පරිත්‍යාගශීලි වැඩසටහන සඳහා ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සහ සමාජ සේවා සේවකයින් වන කේ.ඩි.සී.ටී ජයසිංහ, පී.කේ.යු සම්පත් , ටී.ඩි ගීගනගේ, එස්.ඒ. තුෂාර, එම්. මුණවීර, එස්.එම්.එච්. කරුණාරත්න, කේ.ඩි.වී.කේ. ජයසිංහ, එස්.ඩි.ඩි.සී. ජයවීර සහ ආර්. සන්ධ්‍යාදේවි යන මහත්ම මහත්මියන් විසින් මූල්‍ය අනුග්‍රහය දක්වන ලදි.
මෙම අවස්ථාව සඳහා සහභාගි වු සිසු සිසුවියන්ට අමතරව පාසල් ගුරුවරුන් 23 දෙනෙකු සඳහා ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කිරිමට එම අනුග්‍රාහකයින් දායකත්වය දැක්වූහ.
මෙම අවස්ථාව සඳහා 232 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, ඒ යටතේ ස්ථාපිත ඒකකයන් හී අණදෙන නිලධාරීන් සහ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගි වූහ. Sport media | Nike Air Max 270