Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2019 18:45:22 Hours

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවති සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සිය මතකයන් ආවර්ජනය කරයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිකුරාදා (04) දින උදෑසන 9.00 සිට 10.00 දක්වා විකාශය කෙරුණු ‘ආරාධිත අමුත්තා’ ගුවන් විදුලි වැඩසටහනට සම්භාවනීය ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

මෙම සාකච්ඡාව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් සිය ළමා කාලය, පාසැල් කාලය, ක්‍රීඩා ජයග්‍රහණ සහ තරුණවිය පිළිබඳ සිහිපත් කළ අතර ශිෂ්‍යභට කාල පරිච්ඡේදයේදී ලද අත්දැකීම්, හමුදාවට බැඳී සුවිශේෂී වෘත්තීය ප්‍රගතිය සහ උසස්වීම් හා හමුදා ජීවිතය, යුධ අත්දැකීම්, අමතක නොවන මතකයන් සහ පසුබෑම් හා අභියෝග, යුධ පිටියේ ලද ජයග්‍රහණ, විදේශයන්හි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල රාජකාරී (නිව්යෝර්ක්) එක්සත් ජාතීන්ගේ රාජකාරී, යුද්ධ හමුදාව පිළිබඳ අනාගත දැක්ම, ගෝලීය දියුණුවට ගැලපෙන පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් අතර තාක්‍ෂණික හා වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම, ජාතික ආරක්‍ෂක අපේක්‍ෂාවන් සඳහා දැක්ම මෙන්ම විනෝදාංශ සහ සංගීතය පිළිබඳ අදහස් දැක්විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්පුර්ණ සාකච්ඡාව යුද්ධ හමුදා නිල වෙබ් අඩවියේ ‘Commander’s Addresses’ වෙත පිවිසිමෙන් හෝ ‘Defenders of the Nations’ යුද්ධ හමුදා ෆේස්බුක් පිටුව වෙත පිවිසීමෙන් නැරඹීය හැකිය. Nike air jordan Sneakers | Sneakers