Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2019 13:36:00 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පවත්වනු ලැබු ඉංග්‍රීසි පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කරයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම ස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබු මාස දෙකක දිර්ඝකාලීන ඉංග්‍රීසි පාඨමාලාව සඳහා සහභාගිවුවන්ට ඉකුත් බදාදා (2) දින සහතික පත්‍ප්‍රදානය කරනු ලැබීය.

මෙම පාඨමාලාව 2019 ජුලි මස 11 වන දින ආරම්භ කෙරුණු අතර විවිධ අංශ නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 29 දෙනෙකු පාඨමාලාව සඳහා සහභාගි වූහ. පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 12 වන ගැමුණු හේවා බළඇණියේ ලාන්ස් කෝප්‍රල් එම්.ආර්. පීරිස් විසින් හිමිකරගත් අතර පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාන්‍ය සෙබළ කේ.එම්.ඒ. මධුෂානි සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ටි.එම්.ඒ.එන්. තෙන්නකෝන් විසින් හිමිකරගත්හ.

පාඨමාලාව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉංග්‍රිසි භාෂා කුසලතාවන් සමඟ ඉදිරිපත් කරන ලද වර්ණවත් සංදර්ශනයක් සමගින් සහතික පත් ප්‍රදානෝත්සවය ඉකුත් බදාදා (2) දින පැවැත්විණි. මෙම සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි විය.

තවද, මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා 52 වන හා 55 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බලසේනාධිපතිවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. Authentic Nike Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177