Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2019 10:50:51 Hours

232 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

තොප්පිගල, තරවිකුලම් ප්‍රදේශයේ ස්ථාපිත 232 වන බලසේනාවේ 16 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් වසන්ත ලියනවඩුගේ පසුගියදා රාජකාරී ආරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.

නව බලසේනාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

ඉන් අනතුරුව බලසේනාවේ භටපිරිස් ඇමතූ එතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළහ. උත්සවය අවසානයේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයකට ද නව බලසේනාධිපතිතුමන් සහභාගි විය. මීට ප්‍රථම, 232 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස කර්නල් රොෂාන් ජයමාන්න රාජකරී කරන ලදී. trace affiliate link | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp