Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2019 13:12:19 Hours

ලෝක ළමා දිනය සැමරීමට ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ විශේෂ උත්සවයක්

යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සම්බන්ධිකරණය කරන ලද ලෝක ළමා දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය (SERRIC) සමඟ එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී (SLFI) ඉකුත් අඟහරුවාදා (1) දින පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ (ASVU) සභාපති සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වූ අතර, එහිදි සහභාගී වූ ආරාධිතයින් ඉදිරියේ දරුවන්ට ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් ලැබුණි. ඉන් අනතුරුව, විශේෂ අවශ්‍යතා සහිත ත්‍රිවිධ හමුදා පවුල්වල දරුවන් විසින් ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ (SERRIC) ප්‍රවීණයින්ගේ සහය ඇතිව පුහුණු සැසි සහ දිවා සුරැකුම් වැඩසටහන් පවත්වනු ලැබේ.‍

අනතුරුව දිනයේ වැඩසටහන අවසන් මොහොතේ සුජීවා නෙල්සන් මහත්මිය විසින් සෑම දරුවෙකු සඳහාම ලෝක ළමා දිනය නිමිත්තෙන් ත්‍යාග පාර්සලය බැගින් ලබාදුන් අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ (ASVU) සභාපති සුජීවා නෙල්සන් මහත්මිය එහිදි ළමයින් කිහිපදෙනෙකු විසින් මල් කළඹක් ලබාදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව දවසේ වැඩකටයුතු ආරම්භ කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ තවත් ආරාධිතයින් පිරිසක් සහභාගි වුහ. latest Running | Nike Off-White