Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2019 21:50:08 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමන්සල - 1’හි නේවාසික ආබාධිත රණවිරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්වෙයි

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභිමුව හි පැවති ආගමික උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මව්බිම වෙනුවෙන් අභීතව සටන් වැද රණක්‍ෂිතයට පත්වූ විරෝදාර රණවිරුවන් 35 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අනුරාධපුර අභිමංසල - 1 සුවසහන මධ්‍යස්ථානයෙහි සංචාරයක ද නිරත විය.

මෙහි සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උණුණුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටුවල සංචාරය කරමින් ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීය. පියෙකු සේ එම රණවිරුවන්ගේ සුවදුක් විමසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කළේය.

ඉන් අනතුරුව, සුහදත්වයේ සහ සහයෝගීතාවයේ තවත් අංගයක් ලෙස ආබාධිත රණවිරුවන් කෙරෙහි යුද්ධ හමුදාධිපතිතුමන් දක්වන සැලකිල්ල සංකේතවත් කරමින් ‘අභිමන්සල - 1’හි නේවාසික ආබාධිත රණවිරුවන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්විය. ‘අභිමන්සල - 1’ වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව එහි අණදෙන නිලධාරී ඇතුළු නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර ආබාධිත රණවිරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. Mysneakers | Nike Shoes