Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2019 21:29:28 Hours

යාපනයේ ආබාධිත සිවිල් වැසියෙකුට යුද්ධ හමුදාව රෝදපුටුවක් පරිත්‍යාග කරයි

යාපනය ප්‍රදේශයේ පදිංචි ආබාධිත සිවිල් වැසියෙකුට රෝදපුටුවක් අවශ්‍ය බව දැනුම්දීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවෙගොඩ විසින් ආබාධිත සිවිල් වැසියාට නව රෝදපුටුවක් ලබාදීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව, 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින ප්‍රතිලාභි බී. සුරේෂ් මහතාගේ නිවසට පැමිණ නව රෝද පුටුව භාරදෙනු ලැබීය. මෙම මානුෂිය ක්‍රියාව වෙනුවෙන් ප්‍රතිලාභී සුරේෂ් මහතා යුද්ධ හමුදාවට සිය ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාව සඳහා 552 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින් සහභාගි වූහ.Best Authentic Sneakers | Nike Shoes