26th September 2019 14:29:07 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන විසින් පවත්වනු ලැබූ ‘කියෝෂි රියු බුඩෝ (Kiyoshi Ryu Budo)’ ආත්මාරක්‍ෂක සටන් කලා පාඨමාලා අදියර දෙකෙහි සහතිකපත් ප්‍රධානෝත්සවය ඉකුත් අඟහරුවාදා (24) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් එම ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට හඳුන්වාදුන් මෙම නව පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2019 සැප්තැම්බර් මස 05 දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.
ආත්මරක්‍ෂක සටන් කලා පුහුණුවට සහභාගිවූ යුද්ධ හමුදා සාමාජිකයින්ට ඕනෑම අභියෝගයකට මුහුණදීමේ හැකියාව ඇති අතර විරුද්ධවාදීන් සමඟ සටන් කරමින් පුද්ගලික ආරක්‍ෂාව සපයාගැනීම තමාගේ ප්‍රධාන රාජකරිය වනු ඇත. ඕනෑම දුෂ්කර තත්ත්වයක් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ ශාරීරික හා මානසික ශක්තිය ස්ථාවරත්වයක පවත්වා ගැනීමට මෙම පාඨමාලාව මහත් රුකුලක් වනු ඇත.
‘කියෝෂි රියු බුඩෝ’ යනු සටන් කලා ශෛලීන් 13 ක් අතර ප්‍රමුඛ වෙනස් ශෛලියක් වන අතර බොහෝ සටන් ක්‍රම උපයෝගී කරගනිමින් ප්‍රතිවාදියා අභිබවා යාමට භාවිතා කළ හැකි නූතන යුගයේ භාවිතා කරන ලද ශෛලියකි.
මෙම ආත්මරක්‍ෂක සටන් කලා පුහුණු පාඨමාලාව, එහි ප්‍රධාන උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සටන් කලා උපදේශකයකු වන ක්ලෙමන්ට් ද සොයිසා මහතා ඇතුළු ප්‍රවීණ හා සුදුසුකම්ලත් උපදේශක කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදි.
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය නියෝජනය වන පරිදි නිලධාරීන් 24 දෙනෙකු සහ සෙසුනිළයින් 1000 දෙනෙකු දෙවන අධියර යටතේ මෙම පුහුණුව හදාරා ඇත.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන ලදී. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී සියලුම අභ්‍යාසලාභීන් ප්‍රදර්ශනයක් ඉදිරිපත් කළේය.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එච්.පී රණසිංහ ගේ උපදෙස් මත මාණ්ඩලික නිලධාරී II (පුහුණු) මේජර් එස්.යූ.බී පිළිමතලාව ගේ අධීක්‍ෂණය යටතේ සම්පූර්ණ පාඨමාලාව පවත්වනු ලැබීය. දවසේ උත්සවය එදින සන්ධ්‍යාවේ පැවති සංගීත ප්‍රශංගයෙන් අවසන් විය.
එදින පැවති අවසන් උත්සවයට සහ සන්ධ්‍යාවේ පැවති සංගීත ප්‍රශංගය සඳහා 21, 54, 56 සහ 62 සේනාංකයන් හි සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය. jordan Sneakers | Jordan Shoes Sale UK