Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2019 18:07:48 Hours

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති යුද්ධ හමුදාධිපති හමුවෙයි

වියට්නාමයේ හැනෝයි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති සම්පත් ප්‍රසන්න වල්පිට ගමගේ මහතා බදාදා (25) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුවේදී, දෙරට අතර පවත්නා සුහදතාවය සහ ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම අනෙකුත් සහයෝගීතා වැඩසටහන් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද සාකච්ඡාව අවසානයේ, දෙපාර්ශවය අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. තානාපතිතුමන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. Sports News | New Releases Nike