Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2019 13:55:30 Hours

ෂැන්ග්‍රි ලා හෝටලයේ කළමනාකරුවන් ආරක්‍ෂක හමුදාවේ කාර්යභාරය අගය කරයි

මේ වසරේ අපේ‍්‍රල් මස 21 වන පාස්කූ ඉරිදා දින ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ (NTJ) ත‍්‍රස්තවාදීන් විසින් ෂැංග්‍රි ලා හෝටලයට එල්ල කරන ලද අමානුෂික ප‍්‍රහාරයෙන් පසුව එම හෝටලයට උපරිම ආරක්‍ෂාවක් ලබාදුන් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් සහ සෙසුනිලයින් 400 කට අධික පිරිසක් පැසසූමට ලක් කරමින් හෝටලයේ කළමනාකරුවන් ඔවුන්ට විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකින් සත්කාර කරන ලදී.

පාස්කු ඉරිදා දින ජීවිත සියගණනක් බිලිගනිමින් එල්ල කළ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් හෝටලයේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ලවූ අවස්ථාවේ ආරක්‍ෂක හමුදාව සහ පොලීසිය සිදුකරනු ලැබූ කාර්යභාරය අගය කිරීමක් ලෙස ෂැන්ග්‍රි ලා හෝටලයේ සහ ගෝල් ෆේස් හෝටලයේ සාමාන්‍යාධිකාරී තිමොති රයිට් මහතා (Mr Timothy Wright) විසින් මෙම ආරාධනය සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක සමඟින් නාවික සහ ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගිවූ නිලධාරීන් වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සම්බන්ධිකරණ) ලුතිනන් කර්නල් නලින් හේරත් විසින් හෝටලයේ කළමනාකරුවන්ට සිය ස්තූතිය පුද කළේය.Sports Shoes | nike air max 95 obsidian university blue book list