25th September 2019 07:15:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ හිටපු සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන ඉකුත් ඉරිදා (22) දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යනු ලැබීය.
බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත එතුමන් පූෂ්පෝපහාර පුද කරන ලදී. ඉන් අනතුරුව, වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදා දිවියෙන් නික්මයන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරීනමනු ලැබීය.
පසුව රෙජිමේන්තු අධිපති සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් එම ධූරයෙන් ඉවත්වෙමින් නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහණ කැටකුඹුර වෙත සිය ධූරයේ රාජකාරි භාර දුන්නේය.
දිනයේ වැඩ සටහන අවසානයේ මේජර් ජෙනරාල් ගුණවර්ධන හමුදා භටපිරිස් අමතමින් සිය ධුර කාලය තුළ තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළ අතර නව රෙජිමේන්තු අධිපතිතුමන්ට ද එම සහයෝගය ලබා දෙනමෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය. අනතුරුව, නික්මන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත මතක සටහනක් ලෙස විශේෂ සමරුතිළිණයක් ද මෙහිදී ප්‍රදානය කළේය.
ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් එහිදි භටපිරිස් සමග සුහද අදහස් හුවමාරු කරගනු ලැබීය.Authentic Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!