Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2019 18:19:56 Hours

682 වන බලසේනාව දියත් කළ ජංගම අක්‍ෂි වෛද්‍ය කඳවුරේදී සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසකට ප්‍රතිකාර කරයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය දිනක ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා විශේෂ අක්ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

කොළඹ සහ කිලිනොච්චි ‘විෂන් කෙයාර්’ (Vision Care) ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව පුදුකුඩිරිප්පු මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම වෛද්‍ය සායනයදී වෛද්‍ය නිලධාරීන් විසින් සිවිල් වැසියන් 200 දෙනෙකුගේ පමණ ඇස් පරික්‍ෂා කරන ලදී.

මෙහිදි, අනුග්‍රාහකයින් විසින් මෙම වෛද්‍ය සායනයේදී සිවිල් වැසියන් 100 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදුන් අතර ශල්‍යකර්ම සඳහා රෝගීන් 14 දෙනෙකු සහ තවත් 16 දෙනෙකු වෙත විශේෂ ඇස් කණ්ණාඩි සඳහා කිලිනොච්චි ‘විෂන් කෙයාර්’ ආයතනය වෙත පැමිණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකරගෙන අදාළ ඇස් කණ්ණාඩි ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.

සිවිල්-හමුදා සහයෝගීතා වැඩසටහනේ තවත් එක් අධියරක් ලෙස 18 වන විජයබාහු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 682 වන බලසේනාවේ බලසේනාධිපති මෙම වැඩසටහනට උපරිම සහයෝගය ලබාදුන්හ. Authentic Sneakers | Marki