24th September 2019 12:02:10 Hours
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරනයෙන් බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ වාර්ෂික විශේෂ දේව මෙහෙය ඉකුත් සඳුදා (23) දින එම දේවස්ථානයේදී පැවැත්විණි.
මෙම විශේෂ වාර්ෂික දේවමෙහෙයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස යුනිවර්සල් ක්‍රිස්තියානි සංගමයේ සභාපති සහ හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) සී. එස්. වීරසූරිය සහභාගී විය. තවද මෙම අවසථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මෙන්ම යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි, රියල් අද්මිරාල් (විශ්‍රමික) ටෝනි අබේසිංහ, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයින් කිහිපදෙනෙක් පැමිණ සිටියහ.
ගරු අසිත හෙට්ටිආරච්චි පියතුමා විසින් මෙහෙවනු ලැබු මෙම විශේෂ දේවමෙහෙයේ දී රටට සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන්ට ආශිර්වාද කරමින් යාඥා කළහ.
ඉන් අනතුරුව යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න විසින් ස්තූතී කතාව පැවැත්වීමට පෙර විශ්‍රාමික හමුදා නිලධාරීන් වෙත සමරු තිළිණ ප්‍රදානය කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමිකයන්ගේ පවුල්වල සාමාජිකයිකන් ඇතුළු සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් ද එක්වූහ.best shoes | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth