23rd September 2019 23:00:52 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සිය ධුරයේ රාජකාරී භාරගැනිමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (20) දින එම මූලස්ථානය යටතේ ස්ථාපිත ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මූරයේ ආචාරය සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව සමූහ ඡායාරූපයකට ද එතුමන් පෙනි සිටියහ. එහිදී, 64 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් හී කාර්යභාරය සහ වගකීම් පිළිබද සේනාංකාධිපතිතුමන් විසින් ආඥාපතිතුමන් දැනුවත් කරන ලද අතර එතුමන් සියළු නිලයින් ද අමතනු ලැබීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කරමින් සියළු නිල තේපැන් සංග්‍රහයකට ද අවසන් වශයෙන් එතුමන් සහභාගී විය. Asics shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092