Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2019 13:54:34 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් වෙරළ පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක්

581 බලසේනාවේ මූලස්ථානය සහ සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය එක්ව නාරිගම, හික්කඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය. මෙම සමාජ සත්කාරය යුද්ධ හමුදා සාමාජිකයින් 125 කට වැඩිපිරිසක්, හෝටල් සේවකයින් 30 ක්, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් 68 ක්, පොලිස් නිලධාරීන් 8 ක් සහ ස්වේච්ඡා කණ්ඩායම් පිරිසක් ඒකාබද්ධ ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින පවත්වනු ලැබීය.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ මඟපෙන්වීම මත 581 වන බලසේනා මූලස්ථානයේ මූලිත්වයෙන් සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ සහයෝගයෙන් පැවැත් වූ මෙම වැඩසටහන තුළින් පුද්ගලයින් විසින් වෙරළ තීරයට බැහැරකර තිබු කුණු කසළ ඉවත් කර දුෂිත වූ වෙරළ තීරය නැවත පිරිසිදු කරන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මෙම ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර එම අවස්ථාවට සහභාගී වූ අතර එම ව්‍යාපෘතිය සඳහා සහභාගී වූවන් සමඟ සුහද පිළිසදරක නිරතවිය.

මෙම ව්‍යාපෘතිය තුළින් හික්කඩුව සිට දොඩන්දූව දක්වා කිලෝමීටර 6 ක් දිග වෙරළ තීරය මුළුමනින්ම පිරිසිදු කරනු ලැබිණි. තවද මෙම අවස්ථාව සඳහා සහභාගී වූ පිරිස සඳහා හික්කඩුව හෝටල් හිමියන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ‘හික්කා ට්‍රාන්ස්’ හෝටලය, ‘ඇවෙන්රා බීච්’ හෝටලය සහ වෙරළ තීරයේ පිහිටා ඇති ‘ලෙවන්ග්‍රා’ හෝටලයේ සහාය ඇතිව කෙටි ආහාරවේලක් සැපයුහ. Sportswear free shipping | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf