Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2019 13:24:38 Hours

සිවිල් වැසියන් 300 කට අධික පිරිසකට අක්‍ෂි සායනයක්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සිවිල්-හමුදා සුභසාධන ව්‍යාපෘතින් හි තවත් එක් වැඩසටහනක් ලෙස විශේෂ අක්‍ෂි සායනයක් ඉකුත් සිකුරාදා (13) දින වන්නි ප්‍රදේශයේ පිහිටි 56 වන සේනාංක මූලස්ථානයේ දී පැවැති අතර එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිවිල් වැසියන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජී. එල් කිත්සිරි ගේ සංකල්පයකට අනුව මෙම සමාජ සුභසාධන ව්‍යාපෘතිය වවුනියා දිස්ත්‍රික් රෝහලේ අක්‍ෂි විශේෂඥයින්, කාර්මික ශිල්පීන් සහ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදී.

මෙම වෛද්‍ය සායනයේ දී පරික්‍ෂාවට ලක් කරන ලද දෘශ්‍යාබාධිත අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී. සෙනෙවිරත්න එක්විය.

මෙම වෛද්‍ය සායනය අතරතුර දෘශ්‍යාබාධිත සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීම සඳහා මාතර පිහිටි ‘සිංහ සමාජයේ’ සාමාජිකයින් අනුග්‍රහය දැක්වීය. මෙම ව්‍යාපෘතිය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී. Nike Sneakers Store | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD