17th September 2019 21:10:37 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 37 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් තිලක් හන්ගිලිපොල ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින එම පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.එන්.එන් කොස්වත්ත විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව නව සේනාවිධායකතුමන් වෙත පාබල පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි.
මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් තිලක් හන්ගිලිපොල පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.
ඉන් අනතුරුව නව සේනාවිධායකතුමන්, සියලුනිලයින් අමතමින් එතුමන්ගේ දැක්ම සහ පාබල පුහුණු මධ්‍යස්ථාන අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කළේය. එලෙසම තම දැක්ම ඉදිරියට ගෙනයාමට සහ පුහුණු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා එතුමන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේවය කරන සියලුම නිලයන්ගෙන් සහය ඉල්ලා සිටියේය. Sportswear free shipping | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger