16th September 2019 16:30:44 Hours
231 වන බලසේනා මුලස්ථානය සහ 4 වන ගැමුණු හේවා බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දෙහිවල ශාන්ති පදනමේ ප්‍රවීණයන් සමඟ සහයෝගයෙන් යුතුව සැප්තැම්බර් මස 11 දින සිට 13 වන දින දක්වා මඩකලපු ප්‍රදේශයේ ඇති පාසල් හි ගුරුවරුන් 29 දෙනෙකු සහ සිසුන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා ඉගැන්වීම හා උපදේශනය යටතේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
මඩකලපුව කුරින්චමුනායි පාසල් පරිශ්‍රයේ පැවති මෙම වැඩමුළුවට ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයන් මෙන්ම ප්‍රදේශයේ සිසුන්ගේ ඉගෙනුම් ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම අරමුණු කර ගත් අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එෆ්.සී.රාගල්, මඩකලපුව කලාපීය අධ්‍යාපන අධ්‍යක්‍ෂ, එස්. ශ්‍රීධරන් මහතා, ශාන්ති පදනම නියෝජනය කරමින් සුජීවා රත්නායක මහත්මිය, මිලාන් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මහාචාර්ය වෙරෝනිකා සහ මඩකලපුව කන්නන්කුඩා මහා විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පති පුල්ලන්ද්‍රකුමාර් මහතා යන පිරිස ඉකුත් සිකුරාදා (13) දින පැවති අවසන් වැඩමුළුවට සහභාගී වූහ.
මෙම අවස්ථාව 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මිහිදු පෙරේරා ගේ සම්බන්ධීකරණයෙන් යුතුව 4 වන ගැමුණු හේවා බළකායේ භටයින්ගේ සහය ඇතිව සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහෙනේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොළ සහභාගී විය.
එම අවස්ථාවේදී 23 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සහභාගී වූවන්ට සහතික පත් සහ තෑගි බෙදාදුන් අතර ඒ හා සමානව එම ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් සඳහා මහන මැෂින් පහක් ‘ශාන්ති පදනම’ විසින් පරිත්‍යාග කරන ලදී. latest jordan Sneakers | nike air speed turf rose gold price per gram