Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2019 16:35:01 Hours

ත්‍රස්තවාදී දේශපාලන අංශ නායකයෙකු හමුදා ස්නයිපර් ප්‍රහාරයකට ලක් වේ

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් පුහුණු මෙහෙයුමක් දියත් කරමින් 1 වන කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් ත්‍රස්තවාදී බලකොටුවල දින තුනක් පමණ රහසේ රැදි සිටිමින් ත‍්‍රස්තවාදීන්ගේ දේශපාලන අංශ නායකයා ඉකුත් ඉරිදා (15) දින රහසිගත රැස්වීමක් සඳහා වඩුමුනායි ප‍්‍රදේශයට පැමිණ ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කිරීමෙන් අනතුරුව එම ස්ථාතය වෙත කඩා වැදී ත්‍රස්තවාදී නායකයාට වෙඩිතබා ඝාතයන කරන ලදී.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ දී, බුද්ධ අංශ මගින් ලැබුණු තොරතුරු මත පාකිස්ථාන හමුදා නිලධාරීන්ගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක රෙජිමේන්තුවේ සහය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ස්නයිපර් භටයින් විසින් ත්‍රස්තවාදීන් සැගව සිටි ස්ථානය වටලා සැඟවී සිටි ත්‍රස්ත නායකයාට වෙඩි තබා ඇත.

ඒ හා සමාන මෙහෙයුමක් ගෝමරන්කඩවල ප්‍රදේශයේදී සිදු කරන ලද අතර එහිදි ප්‍රාදේශීය ත්‍රස්ත නායකයෙකු ද ඉරිදා (15) දින අත්අඩංගුවට ගනු ලැබීය. Best jordan Sneakers | Nike for Men