16th September 2019 16:39:32 Hours
‘Jaffna Got Talent’ සංගීත සැදැවේදී 55 වන සේනාංකයේ ගායන හා නර්ථන ජයග්‍රාහකයින්ට උපහාර පිදීමේ උත්සවයක් 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ ගේ අධික්‍ෂණය මත එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සෙනසුරාදා (7) දින සන්ධ්‍යාවේදී එම සේනාංක මූලස්ථානයේදී සංවිධානය කර පවත්වන ලදී.
යාපනයේ අර්ධද්වීපයේ පවත්වනු ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ග් සහභාගීත්වයෙන් පැවැත් වූ ‘Jaffna Got Talent’ දැවැන්ත ප්‍රශංගයේ අවසන් මහා තරඟයේ අවසන් 10 දෙනා අතර සිටි 55 වන සේනාංකයට අනුයුක්තව සේවයේ නියුතු භටපිරිස් මෙම උත්සවයේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
‘Jaffna Got Talent’ මෙගා ගායන හා නර්ථන ප්‍රසංගය 2019 ජූලි 6 වන දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්තර්ෂවත් ලෙස පවත්වනු ලැබීය. Nike footwear | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos