Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2019 18:50:03 Hours

නව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති සිය ධූරයේ රාජකාරි අරඹයි

මුලතිව් නන්දිකඩාල් පිහිටි මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 11 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එච්.ජේ සෙනෙවිරත්න ඉකුත් සදුදා (16) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව ආඥාපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියස දී යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර අනතුරුව ප්‍රධාන ආරධිත අමුත්තා වෙත 14 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුද කළේය.

අනතුරුව නව මුලතිව් ආඥාපතිතුමන්ට මෙම සමාරම්භක උත්සවය සංකේතවත් කිරිම සඳහා එම කඳවුරු පරිශ්‍රය තුළ ‘අඹ’ පැළයක් රෝපණය කිරිමට ආරාධනා කරනු ලැබිණි. අනතුරුව ආගමික වතාවත් සිදු කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් නව පත්වීමට ආශිර්වාද ලබාගත් එතුමන් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් සංකේතාත්මක නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි.

පසු නව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ රැස්ව සිටි යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීය.

අනතුරුව එතුමන් සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සියළු යුද්ධ හමුදා සාමාජිකයින් සමග පැවති තේපැන් සංග්‍රහයකට එක් විය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී භාර ගැනිමට පෙර මේජර් ජෙනරාල් එච්.ජේ සෙනෙවිරත්න කොළඹ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධූරයේ රාජකාරී කටයුතු සිදු කරනු ලැබීය. Asics shoes | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD