Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2019 19:20:08 Hours

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර රාජකාරි අරඹයි

බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ 6 වන සේනාවිධායක ලෙස රාජකාරී භාරගැනීමට පැමිණි බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ඉකුත් සඳුදා (16) දින නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයක දී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අභිසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. අනතුරුව නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ඩි.එස්.එස් ලියනගේ විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නව සේනාවිධායකතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක ලෙස නිල ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී අරම්භ කරන ලදී. ඉන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහයට සහභාගි වු නව සේනාවිධායකතුමන් විසින් භටපිරිස් අමතමින් එම අවස්ථාවට සහභාගී වී සිටි දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා එතුමන්ගේ ඉදිරි දැක්ම පැහැදිලි ක‍ළේය. අනතුරුව එහි සිටි සියළු දෙනාගේ සුබ පැතුම් මධ්‍යයේ දිනයේ වැඩසටහන නිමාවට පත්විය.

සේනාවිධායක කාර්යාලයේ පැවති මෙම සමාරම්භක උත්සවය සඳහා නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්, අණදෙන නිලධාරීන් සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වුහ.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ඩී.එම්.ඩි.සී.ඩි ගුණවර්ධන ගේ අනුප්‍රාප්තිකයා වු බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ තනතුරේ රාජකාරි හොබවන ලදි. jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092