Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2019 12:29:36 Hours

වික්ටෝරියා ජලාශයේ ඉවුරේ පැළ සටුවීම සඳහා 11 වන සේනාංකයේ භටපිරිස් සහය වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වික්ටෝරියා ජලාශය අවට තෙත්බිම් හී සුරක්‍ෂිතතාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා සැප්තැම්බර් මස 10 සහ 11 යන දෙදින තුළ වික්ටෝරියා ජලාශයේ ඉවුරු ප්‍රදේශයන්හී රුක් රෝපණය වැඩසටහනක් දියත් කළේය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ මඟ පෙන්වීම මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බංඩාර ගේ උපදෙස් මත ජලාශයේ ඉවුරේ පැළ සිටුවීම සඳහා ශ්‍රි ලංකා රයිෆල් බලකායේ සෙබළුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූ අතර තවද මෙම අවස්ථාව සඳහා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා සේවකයින් සහ එම ප්‍රදේශයේ තවත් සිවිල් වැසියන් පිරිසක් ද සහභාගී විය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාව දැක්වූ සහයෝගය වෙනුවෙන් සංවිධායකයින් විසින් ඔවුන් වෙත ස්තූතිය පුද කළහ.buy shoes | adidas garwen spezial white shoes - New In Shoes for Men