Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2019 16:44:14 Hours

කිලිනොච්චි භටපිරිස් හී සම්බන්ධීකරණයෙන් අක්‍ෂි සායනයක් සහ ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු අක්‍ෂි සායනය සහ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය නෙලුම්පියස ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (14) දින පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් සුභුතිපුර, බතරමුල්ල දෘෂ්ටි විශේෂඥයින්ගේ සංගමය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්‍ෂි ආභාද වලින් පෙලෙන ජනතාව වෙත ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරිම සඳහා දායක විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් පී.එම්.එල් චන්ද්‍රසිරි සහ පාලන හා භඨකාර්ය නිලධාරී බ්‍රිගේඩියර් එච්.එම්.එච්.එන් හේරත් ගේ මඟ පෙන්වීම මත වෛද්‍ය රමණි කබ්රාල්ගේ නායකත්වයෙන් දිවයින පුරා පිහිටි අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 88 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව මෙම මූලික ප්‍රජා ව්‍යාපෘතිය පවත්වනු ලැබීය.

පැවැති කෙටි සමාරම්භක උත්සවයෙන් අනතුරුව මෙම අක්‍ෂි සායනය සඳහා පැමිණි රෝගීන් 372 දෙනෙකු අතරින් දෘශ්‍යාබාධිත පුද්ගලයින් 282 දෙනෙකු අක්‍ෂි සායනය වෙත යොමු කළ අතර එහිදි යුධ හමුදා සාමාජිකියින් 250 ක් පමණ වෛද්‍ය උපදෙස් ලබා ගත්හ.

අක්‍ෂි දෘෂ්ටි විශේෂඥයින්ගේ සංගමයේ එක් අරමුණක් වනුයේ කිලිනොච්චිය රජයේ රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිම තුළින් කිලිනොච්චිය ජනතාවට එකම ස්ථානයකදී ඇස් කණ්ණාඩි යුගලයක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකු, දෘෂ්ටි විශේෂඥයින් 15 දෙනෙකු, කාර්මික ශිල්පීන් 15 දෙනෙකු සහ අක්‍ෂි වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් 47 දෙනෙකු සහභාගී වූහ. jordan Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov