16th September 2019 16:45:19 Hours
බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් සිකුරාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
ඉන් අනතුරුව නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ආගමික වතාවත් සිදු කරමින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි.
පසුව නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂතුමන් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යය මණ්ඩලය සමග මතක සිහිවටනයක් ලෙස සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර මෙම අවස්ථාව සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
එවකට පිරිස් පරිපාල අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර බුත්ත නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස වැඩ භාරගැනීමට නියමිතව අති අතර එම පුරාප්පාඩුව සඳහා බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල පත්ව ඇත.
මෙම නව ධූරයේ රාජකාරී ආරම්භ කිරිමට පෙර බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරය හොඹවනු ලැබීය.bridgemedia | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify