13th September 2019 21:48:41 Hours
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් සඳහා මූලික පිහිනුම් පාඨමාලාවක් සැප්තැම්බර් මස 02 සිට 06 දක්වා කාලය තුළ වන්නි ආරක්‍ෂක මූලස්ථාන පිහිනුම් තටාකය පිහිටා ඇති අනුරාධපුර ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 21 වන සේනාංකය විසින් මෙම පාඨමාලාව පවත්වන ලදී.
යුද හමුදා පිහිනුම් උපදේශකවරුන්ගෙන් සුදුසුකම් ලත් පළපුරුදු කණ්ඩායමක් විසින් මෙම මූලික පිහිනුම් පාඨමාලාව සඳහා පුහුණු සහාය ලබා දුන්හ.
මෙම පාඨමාලාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද සහ ඒ යටතේ ඇති සියළුම සේනාංකයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 51 දෙනෙකු සහභාගී වී අත. buy footwear | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf