15th September 2019 10:41:34 Hours
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙන ජනතාව වෙනුවෙන් ආරම්භ කරනු ලැබු නව නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතියට සමගාමීව මීට දින කිහිපයකට පෙර වන්නි ප්‍රදේශයේ අඩු ආදයම් ලාභි පවුල් දෙකක් වෙනුවෙන් මෙම නිවාස දෙක ඉදිකර දී ඇත.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් බෝගස්වැව සහ පධවි-පරාක්‍රමපුර යන ප්‍රදේශවල දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වන පවුල් දෙකක් එම ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරත යුද්ධ හමුදා සාමාජිකයින්ට නිරික්‍ෂණය විමත් සමඟ ඔවුන්ගේ ජිවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් යුතුව ධානපතියන්ගේ ද සහය ඇතිව මෙම නිවාස දෙකෙහී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීණි.
212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ පෞද්ගලික ආරාධනයකට අනුව සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සහ ප්‍රියංගනි බ්‍රැඩිගම්පොල මහත්මියගේ මූල්‍යමය දායකත්වය ඇතිව මෙම නිවාස දෙක සම්පූර්ණයෙන් සාදා නිමකරන ලදී. මෙම නිවාස දෙක පිළිවෙලින් බොගස්වැව පදිංචි කේ.ඒ.එස්. සරත් තිලකරත්නට සහ වෙහෙරවැව පධවි-පරක්‍රමපුර පදිංචි එම්.එම්. ප්‍රියන්ත යන අයවළුන් වෙත ලබාදී ඇත.
මෙම නිවාස දෙකෙහි ඉදිකිරිම් කටයුතු 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකයේ සහ 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඔවුන්ට අදාළ ප්‍රදේශයන් තුළ ඉදි කරන ලදී.
නවතමයෙන් ඉදිකරන ලද මෙම නිවාස සඳහා කෑම කාමරයක්, නිදන කාමර ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත අතර සෑම කාමරයකටම රුපියල් 100,000.00 වටිනාකමකින් යුත් ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සමගින් තවත් රුපියල් 100,000.00 කට වඩා වැඩි පිරිවැයක් දරමින් නවීන විදුලි නළ ළිඳක් ද ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කරනු ලැබීය.
පසුව පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් පැවති කෙටි උත්සවයකදී නිවාස දෙකට අදාළ යතුරු සිය සුබ පැතුම් සමගින් නිවෙස් හිමියන් වෙත භාර දෙන ලදී.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වූ මෙම පවුල් දෙකෙහි නිවාස සිහිනය සැබැ කිරිමට පුරෝගාමියා වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම නිවාස ප්‍රදානය කිරිමේ උත්සව අවස්ථාව සඳහා 56 සහ 62 යන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, 212, 563 සහ 623 යන බලසේනාවල බලසේනාධිපතිවරුන් ඇතුළු 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, වන්නි ආරක්‍ෂක සේනා මූලසන්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම එම ප්‍රදේශයන්හී සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී විය. Asics footwear | AIR MAX PLUS