13th September 2019 21:30:41 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී රවිප්‍රිය සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ මඟ පෙන්වීම මත ‘හඳබිම අධිකාරිය’ සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව 652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් හී සහය ඇතිව 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ඉකුත් සදුදා (9) දින එම බල ප්‍රදේශය තුළ ජීවත් වන සිවිල් වැසියන් 300 අතරේ අඹ, කොස්, පළතුරු පැළ සහ කජු පැළ 2000 ට අධික ප්‍රමාණයක් බෙදා දුන්හ.
මෙම පැළ තොගය ජනතාව අතර බෙදාදීම සඳහා ‘හඳබිම අධිකාරියේ’ සභාපති පාලින්ද සාගර මහතා ගේ උපරිම සහයෝගය ලැබිණි.
පැළ බෙදාදීමේ උත්වසය 652 වන බලසේනාවේ භටපිරිස් විසින් සංවිධාන කරනු ලැබු අතර මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහ 65 වන සේනාංකයේ සේවයෙන් නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් ද සහභාගි විය.
මේ අතර, එදිනම සවස පූනරින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 120 දෙනෙකු වෙත පැළ පරිත්‍යාග කිරීමේ සරල උත්සවයක් අරසපුරකුලම්හී දී පැවැත්විණි.
66 වන පාබල සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ මඟ පෙන්වීම යටතේ 661 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් මදුර වික්‍රමරත්න ගේ අධික්‍ෂනයෙන් යුතුව පූනරින් ප්‍රදේශයේ ජනතාව අතර මෙම පැළ තොගය බෙදාදෙන ලදී.
මෙහිදී පරිසරය ආරක්ෂා කිරීම සහ දිගු කාලීනව ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සිවිල් වැසියන් දිරිගැන්වීමේ අරමුණින් යුතුව අඹ පැළ 200 ක්, කජු පැළ 910 ක් සහ කොස් පැළ 1150 ක් ජනතාව අතර බෙදා දෙන ලදී.
මෙම බෙදාහැරිමේ උත්සවය අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේදී 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර, ශ්‍රී ලංකා 'හඳබිම අධිකාරියේ' සභාපති පාලින්ද සාගර මහතා, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙම අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ද එක් විය.Sports Shoes | Air Jordan Release Dates 2021 Updated , Gov