13th September 2019 21:45:41 Hours
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ අධීක්‍ෂනයෙන් යුතුව 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංගගේ මඟ පෙන්වීම මත එම බලසේනාව යටතේ ඇති 2 වන ස්වේච්ඡා විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද නිවස ඉකුත් අඟහරුවාදා (10) දින 21 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ප්‍රතිලාභීන් වෙත භාරදෙන ලදී.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාය දියත් කරන ලද දැනට ක්‍රියාත්මක නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සංජීව ගුණවර්ධන ගේ මඟ පෙන්වීම මත අගුනොච්චිය දුෂ්කර ගම්මානයේ ජීවත් වූ අඩු ආදායම්ලාභී පවුලක් වන සංජීව සිරිසේන සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහා මැදවච්චිය ප්‍රදේශයේ හී මෙම නව නිවස ඉදිකර දෙන ලදී.
212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධතාවයෙන් සම්පත් බැංකු පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කළමනාකරු තාරක රන්වල මහතා මෙම අසරණ පවුල සඳහා අංගසම්පූර්ණ නිවස ඉදිකිරම වෙනුවෙන් අනුග්‍රහය දක්වා ඇත.
නවතමයෙන් ඉදිකරන ලද මෙම නිවස සඳහා කෑම කාමරයක්, නිදන කාමර ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත සෑම කාමරයකටම රුපියල් 100,000.00 වටිනාකමකින් යුත් වටිනා ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සමගින් තවත් රුපියල් 100,000.00 කට වඩා වැඩි පිරිවැයක් දරමින් නවීන විදුලි නළ ළිඳක් ද මෙම ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කර ඇත.
පසුව පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් පැවති කෙටි උත්සවයකදී නිවසේ යතුර සිය සුබ පැතුම් සමගින් නිවෙස් හිමියා වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකු පීඑල්සී සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කළමනාකරු තාරක රන්වල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී විය.
මෙම උත්සව අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති, 212 වන බලසේනාවේ බලසේනාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 2 වන ස්වේච්ඡා විජයභාහූ පාබල බලඇණියේ අණදෙන නිලධාරී ඇතුළු නිවස හිමි ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සහභාගී විය.jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ