12th September 2019 11:10:28 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ධූරය හොඹවන නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ නව ධූරයේ රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රථම වරට තම මව් ඒකකය වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත ඉකුත් බදාදා (12) දින සංචාරයක නිරතවිය. එහිදි සපැමිණි නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හට එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිය උපහාර පුදකරනු ලැබීය.
ඉන් අනතුරුව එම රෙජිමේන්තුව වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක සහ සන්නාහ සන්නද්ධ බලකා බලසේනාවේ බලසේනාධිපති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් සරඹ භූමිය වෙත කැටුව යන ලදී. එහිදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මූරයේ ආචාරය සහ වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාර එතුමන් වෙත පුද කළේය.
මෙම උපහාර ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. jordan Sneakers | nike air force 1 shadow , eBay