12th September 2019 10:09:28 Hours
වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි පන්සල් භූමියේ නවතමයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයනන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උතුම් පිංකම බ්‍රහස්පතින්දා (5) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදු කළේය.
මෙම නව චෛත්‍ය රාජයාණන් ගේ සියළු වැඩ ඉතා කෙටි කාළයක් තුළ නිම කිරිම සඳහා ප්‍රධාන දායකත්වය ලබාදුන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර උතුම් පිංකමෙහී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතර එහිදි එතුමන් විසින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කොත නිරාවරණය කළේය. මෙම උතුම් අවස්ථාව සඳහා ත්‍රිකුණාමලයේ රංගිරි උල්පත විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ සිරිවිශුද්ධි හිමියන්, වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන සංඝනායක ජූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර හිමියන්, මෛත්‍රීගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අනුරාධපුර ධම්මතිලක හිමියන් වැඩම කළහ. 2019 මැයි 30 වන දින මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මුල් ගල තැබු අතර ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම 2019 අගෝස්තු මස 1 වන දින සිදු කරනු ලැබීය. ඉංජිනේරු සේවා බලකායේ භටයින්ගේ අඛණ්ඩ උත්සාහයෙහි ප්‍රති ඵලයක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරිම් කටයුතු නිම කිරීමට හැකි විය.
දේශයට සදාකාලික සාමය ඇති කිරීම වෙනුවෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවී සේවය කළ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිර්භීත වීරෝධාර රණවිරුන්ට පිං පැමිණවීම සඳහා සහ උපහාරයක් ලෙස මෙම ඉදිකිරීම සිදු කරන ලදී.
එම අවස්ථාවේදී පූජනීය බුද්ධ මන්ධිරය තුළ බුදු පිළිමයක් ද තැන්පත් කරන ලදී.
මෙම පූජනීය උත්සවයට අමතරව මේජර් ජෙනරාල් ජයසේකර විසින් කාන්තා සෙබලියන් සඳහා නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ඉදි කළ බී දොරටුවේ ආරක්ෂක කුටිය ද විවෘත කළේය. short url link | Sneakers