Header

Sri Lanka Army

Defender of the Nation

12th September 2019 10:02:28 Hours

යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබු ආධුනික සෙබළුන් වර්ණවත් උත්සවයකදී විසිර යයි.

සාලියවැව කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (CAVT) සාර්ථකව වෘත්තීය පුහුණුව ලැබූ ආධුනිකයින් ගේ විසිර යාමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (7) දින පැවැත්වි.

මෙම විසිර යෑමේ පෙළපාළියේදී ගජාබා රෙජිමේන්තුවට අයත් ආධුනික සෙබළුන් 81 දෙනෙකු සාර්ථකව පුහුණුව ලබා විසිර ගියහ. තවද යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී මේවැනි පාඨමාලාවක් පැවැත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ආර්.ජේ.කේ සේනාරත්න සහභාගී විය. තවද එම අවස්ථාව සඳහා එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් විය.

මෙම විසිරයාමේ උත්සවය අංගම්පෝරා ඇතුළු සරඹ සහ ශාරීරික අභ්‍යාස සංදර්ශනයන්ගේ වර්ණවත් විය.

මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබල ලෙස සාමාන්‍ය සෙබල එච්.එන්.ඩි.ටී සමරකෝන් පත් වූ අතර, හොඳම වෙඩික්කරු ලෙස කපිතන් ඩබ්ලිව්.ඒ.එච්.ඩී විජේරත්න තේරී පත්විය.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සහතික පත් ප්‍රදානය කිරීමෙන් පසු කෙටි දේශනයක් පවත්වන ලදී. Adidas footwear | FASHION NEWS