Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2019 10:10:06 Hours

53 සේනාංකයේ 24 වන සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි

දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි (53 වන සේනාංකය) එනම් අතිරේක ප්‍රහාරක බලකා මූලස්ථානය සිය 24 වන සංවත්සරය ඉකුත් සෙනසුරාදා (7) දින එම මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි සේනාංකාධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයේ ආචාරය සහ සම්මාන ආචාර පෙලපාලියේ ගෞරවාචාරය පුදකළේය.

ඉන් අනතුරුව භටපිරිස් ඇමතු එතුමන් එම අවස්ථාව සනිටුහන් කරනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කළේය.

53 වන සේනාංකය වර්ෂ 1996 දී යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත කරන ලද අතර මේ වනවිට එම සේනාංකය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අතිරේක ප්‍රහාරක බලකාය (RSF) ලෙස නම් කර ඇත.

මෙම සංවත්සර සැමරුම සන්ධ්‍යාවේ පැවති සංගීත ප්‍රසංගයෙන් අනතුරුව අවසන් විය.Sports brands | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth