Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2019 11:32:06 Hours

'තල් අරනේ කෞශල්‍යය' යන තේමාව ඔස්සේ නව නිර්මාණ 40 ක් එළිදක්වයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිකල්පණය නව්‍යතාවයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘තල් අරනේ කෞශල්‍යය -2019’ නවෝත්පාදන ප්‍රදර්ශනය අඛණ්ඩව සිව්වන වරටත් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාවට නැංවිය.

මෙම නවෝත්පාදන ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 05 සහ 06 යන දිනයන්හීදි යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වූ අතර එම අවස්ථාව මහජනතාව සඳහා ද විවෘත විය.

එහිදි මෙම දැවැන්ත ප්‍රදර්ශනය තුළින් අත්හදා බැලීම්, නිර්මාණාත්මක චින්තනය සහ නවෝත්පාදනයන් අඛණ්ඩව සිදු කිරිම සඳහා යාපනය අර්ධද්වීපයේ හමුදා නිලධාරීන්, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම නිර්මාණශීලී පුද්ගලයින් දිරිගැන්වීමට අවධානය යොමු කරන ලදී.

නවෝත්පාදන තරඟකරුවන් 40 දෙනෙකු අතරින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් 14 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.පී.ඩබ්ලිව් දිසානායක, 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.සී.සී.ආර් ෆොන්සේකා, 7 වන ශ්‍රි ලංකා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල එස්.ඩී.එන් මල්ෂා යන තරඟකරුවන් සහ තරඟකාරිය විසින් ලබාගත්හ.

තවද, 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එල්.ඒ.ඩී කරුණානිලක විසින් නිර්මාණය කරන ලද ගෘහස්ථ ජල ටැංකි මීටරය (ඒකකය), 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතාන් වයි.එස්.ඒ. ද සිල්වා විසින් නිර්මාණය කරන ලද මුර සංචාරයන් සඳහා වැඩි දියුණු කළ නිරීක්ෂණ පද්ධතියක් සහ මේජර් බී.එම්.එම්.බී හේරත් විසින් නිෂ්පාදනය කරන ලද බහුකාර්ය ආරක්ෂක පද්ධතිය මෙන්ම 6 වන ශ්‍රි ලංකා සංඥා බලකාය විසින් නිෂ්පාදනය කරන ලද වෙනත් ආකර්ශනීය නිෂ්පාදනයන් ද ඒ අතර වේ.

ඉන් අනතුරුව පැවති සම්මාන ප්‍රදානෝත්සවය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, යාපනයේ දිස්ත්‍රික් ලේකම්, නාගලිංගම් වේදනායහම්, ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් කපිල සමරවීර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කෝටුවෙගොඩ සහ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ භටපිරිස් සහභාගී වූහ. Buy Kicks | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK