Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2019 04:53:33 Hours

යුද්ධ හමුදාව හා මහජනතාව අතර සහයෝගීතාව පිළිබඳ භටපිරිස් දැනුවත් කෙරේ

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර ඇති සම්බන්ඳතාවය ශක්තිමත් කිරීම සඳහා සිවිල්-හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති ගණනාවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දායකත්වය ලබාදී ඇති අතර ඒ පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

එම අරමුණ ඇතිව, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක මට්ටමින් රාජකාරි කරනු ලබන සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා සංස්කරණ පාඨමාලා ආරම්භ කරන ලදි.

වන්නී ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින පැවති පාඨමාලාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන නිලධාරීන් 35 දෙනෙකු සහභාගී වූහ.

මෙම පාඨමාලාවේ සමාරම්භක දේශනය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පුරක සෙනෙවිරත්න විසින් සිදු කරන ලදි. Sports News | Nike Shoes