Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2019 11:48:14 Hours

කෝවිල් පූජාවට පැමිණි බැතිමතුන්ට 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පානීය ජල සපයයි

මාන්කුලම් ශ්‍රී නාග කෝවිලේ වාර්ෂික උත්සවය ඉකුත් බදාදා (4) දින පැවති අතර එහිදි යුද්ධ හමුදාවේ ජල සැපයුම කෝවිලේ පූජකවරුන්ගේ සහ බැතිමතුන්ගේ ප්‍රශංසාවට ලක්විය.

මේජර් ජෙනරාල් බී.පී. ද සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 න බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශයේ පවතින දැඩි නියඟය හේතුවෙන් බැතිමතුන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම මානුෂීය ව්‍යාපෘතියට දායක විය. Running sports | Nike Running