Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2019 16:01:10 Hours

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් සිසුන් 147 දෙනෙකුට පාසල් පාවහන් බෙදාදෙයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ඔඩ්ඩුසුඩාන්, කරුප්පඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 147 දෙනෙකු වෙත පාසල් පාවහන් තොගයක් බෙදාදෙනු ලැබීය.

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ව්‍යාපාරික චරිත් විමලවීර මහතාගේ අනුග්‍රහය ඇතිව මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

කරුප්පඩ්ඩමුරිප්පු විද්‍යාලයේ පැවැති උත්සවයක් අතරතුර පාසල් ළමුන් 147 දෙනෙකු වෙත මෙලෙස නව පාසල් පාවහන් බෙදාදෙන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩි.සි.කේ. කොස්තා, 643 වන බලසේනාවේ බලසේනාධිපති සහ 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟපෙන්වීම මත දියත් කරන ලදී. jordan Sneakers | Nike Air Max 270