Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2019 13:05:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් කිලිනොච්චි, මුලතිව් සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 87 යටතේ පුහුණුව හදාරනු ලබන කෙඩෙට් නිලධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ පාඨමාලාවේ එක් අදියරක් ලෙස අගෝස්තු මස 27 සහ 28 දිනයන්හි කිලිනොච්චි, මුලතිව් සහ යාපනය යන ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සංචාරයක නිරත විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි කෙඩෙට් නිලධාරී කණ්ඩායම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් එච්.එම්.එන් හේරත් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉතිහාසය මෙන්ම කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදි.

මෙම වැඩසටහන අවසානයේ, සංචාරයේ නියුතු කෙඩෙට් නිලධාරීන් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මේ අතර, එදිනම මුලතිව් ආරක‍්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි කෙඩෙට් නිලධාරීන් කණ්ඩායම මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් තිලක් වීරකෝන් විසින් උණුසුමු අයුරින් පිළිගනු ලැබීය.

එහිදී, පිළිගැනීමේ දේශනය එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) විසින් සිදුකරනු ලැබු අතර ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (පුහුණු) විසින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය සහ වගකිම් පිළිබඳව කෙඩෙට් නිලධාරීන් දැනුවත් කළහ.

12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරී විසින් මානුෂීය මෙහෙයුම පිළිබඳ දේශනයක් පැවැත්වු අතර ඒ සඳහා 593 බලසේනාවේ බලසේනා මේජර් සහ 591 වන බලසේනාවේ බලසේනා මේජර් සිය සහයෝගය ලබාදුන්හ. එම දේශන පැවැත්වූ නිලධාරීන්ට මෙහිදී කෙඩෙට් නිලධාරීන් විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් 36 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ පුහුණු විෂය මාලාවේ එක් අධියරක් ලෙස අගෝස්තු මස 28 සහ 29 යන දෙදින මෙම සංචාරය සැලසුම් කර තිබුණි.

මේ අතර, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත සපැමිණි කෙඩෙට් නිලධාරීන් කණ්ඩායම යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පශ්චාත් ගැටුම්කාරී වාතාවරණය තුළ යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය, වර්තමාන තත්ත්වය සහ සිවිල් වැසියන්ගේ ජීවනෝපායන් නගාසිටුවීම සඳහා යුද්ධ හමුදාව ගන්නා උත්සාහයන් මෙන්ම යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව කෙඩෙට් නිලධාරීන් දැනුවත් කරන ලදි.

ඉන් අනතුරුව, කෙඩෙට් නිලධාරීන් කණ්ඩායම යාපනය බලකොටුව, අරාලි තුඩුව, පොන්නාලේ පොකුණ සහ නගුලේෂ්වරම් කෝවිල නැරඹීම සඳහා ගියහ. මෙම සැසිවාරය අවසානයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 87 යටතේ පුහුණුව හදාරනු ලබන කෙඩෙට් නිලධාරීන් ඇගයීමේ සංකේතයක් ලෙස සිහිවටනයක් ද ලබාදුන්හ. Running sport media | Sneakers