Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2019 13:10:07 Hours

56 වන සේනාංකය සංවිධානය කළ වෛද්‍ය සායනයේ දී ප්‍රදේශවාසීන් 100 කට අධික පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර

සිවිල් ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින්, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් බෝගස්වැව, නන්දිමිත්‍රගම සහ සැළලිහිණිගම යන ප්‍රදේශයන්හි ජිවත්වන සියගණනක් ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදි.

මෙම වෛද්‍ය සායනය සඳහා ‘ජයග්‍රහණ’ පදනමේ වෛද්‍ය අනුලා විජේසුන්දර විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදි.

ප්‍රදේශවාසීන් 120 කට අධික ප්‍රමාණයක් මෙම වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබාගත් අතර තවදුරටත් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ජයග්‍රහණය පදනම විසින් වතුර මෝටර්, මහන මැෂින් සහ පාපැදි ප්‍රදානයක් ද සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා 56 සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය ආයතන නියෝජිතයින්, කොළඹ ‘ජයග්‍රහණය’ පදනමේ සාමාජිකයින් මෙන්ම බෝගස්වැව, නන්දිමිත්‍රගම සහ සැළලිහිණිගම ප්‍රදේශයන්හි සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ. trace affiliate link | Nike Shoes