Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2019 13:15:07 Hours

11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් ‘බලතල’ පිළිබඳ දේශනයකට සවන්දෙයි

‘නීති විරෝධී රැස්වීම් විසුරුවා හැරීම, ආත්මාරක්ෂව සහ ත්රිවිධ හමුදාවට ඇති බලතල’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් බදාදා (28) දින කුන්ඩසාල ප්රදේශයේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ දී පැවැති අතර ඒ සඳහා මධ්යම ආරක්ෂක සේනා මුලස්ථානයේ යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 11 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 125 ක් සහභාගි වූහ.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ ඉල්ලීමකට අනුව, මෙම දේශනය පොලිස් අධිකාරි බුද්ධික සමරපාල මහතා විසින් මෙහෙයවන ලදී. latest Running Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C