Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2019 13:00:07 Hours

හමුදාකරණයේදී පැන නැගෙන සංකීර්ණතා පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙයි

න්‍යෂ්ටික හා අභ්‍යවකාශ ප්‍රතිපත්ති මුල්පිරුමේ කීර්තිමත් සාමාජිකයා සහ ප්‍රධානියා වන ඉන්දියානු ජාතික ආචාර්ය රාජේශ්වරී පිල්ලෙයි රාජගෝපාලන් මහත්මිය (Rajeswari Pillai Rajagopalan) ‘හමුදා නවීකරණය’ යන තේමාව යටතේ ‘අභ්‍යවකාශය හමුදාකරණය කිරීමෙන් පැන නගින සංකීර්ණතා’ පිළිබඳ හරවත් දේශනයක් සිදුකරමින් අභ්‍යවකාශය භාවිතා කිරීමේදී දැඩි රීතියක් නොමැති බැවින් අනාගතයේ දී ඒ සඳහා ප්‍රතිපත්තිමය විකල්ප කිහිපයක් ආරම්භ කිරීම වැදගත් බව ‘ඔබ්සර්වර්’ පර්යේෂණ පදනම මඟින් පෙන්වාදෙන බව පැවසීය.

තවද, ඇයගේ දේශනයේදී , ‘අභ්‍යවකාශය හමුදාකරණය කිරීමේ ඇඟවුම්’ (Implications of Militarization of Space), ‘ආසියානු උපායමාර්ගික පිළිවෙල වෙනස් කිරීම’ (Changing Asian Strategic Order), ‘ආසියානු උපායමාර්ගික පිළිවෙලෙහි වර්ධනය’ (Asian Strategic Order in Flux), ‘අභ්‍යවකාශය ආරක්‍ෂා කිරීමේ අභියෝග’ (Space Security Challenges) ආදී කරුණූ මෙන්ම විස්තීර්ණ ප්‍රතිපත්තියක අභ්‍යවකාශය පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

තවද, වෙනස්වන කලාපීය හා ගෝලීය හමුදා තුලනය සලකා බැලීම;  හමුදාකරණය වර්ධනය වන ප්‍රවණතාව (ආයුධකරණය) මෙන්ම දේශපාලන කරුණු සුරක්‍ෂිත කිරීම යන්නෙන් අදහස් කරන්නේ ද බලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම බව අභ්‍යවකාශයෙහී බලවතුන් ඔවුන්ගේ විකල්පයන් නැවත පරීක්ෂා කිරීම, උපායමාර්ග, හැකියාවන් පිළිබඳවද ඔවුන්ගේ අභ්‍යවකාශයෙහි ඇති සම්පත් සඳහා වැඩි ආරක්‍ෂක කාර්යභාරයක් පැවරීම ඇතුළු මෙහෙයුම් පද්ධතිය පිළිබඳ වැදගත් කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

උසස් හමුදා අභ්‍යවකාශ වැඩසටහන්, වර්ධනය වන ප්‍රති-අභවකාශ හැකියාවන් සහ අභ්‍යවකාශයේ තවමත් ආයුධ නොමැති බවද; භූමිය පදනම් කරගත් වත්කම් සැලකිය යුතු තර්ජනයකට ලක්ව අභ්‍යවකාශයෙහි සුන්බුන් වැඩිවීම, සිවිල් වත්කම් අවදානමට ලක් කිරීම යන කරුණු ද එහිදී සාකච්ඡාවට බඳුන් විය.

“මානව සම්බන්ධීකරණය හා සමකාලීන උපායශීලී හැකියාව, ආයුධ පද්ධති, මිසයිල, රේඩාර් විද්‍යුත් කිරණ හා සංවේදී උපකරණ, මිනිසුන් රහිත වාහන, ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ජාල, ගුවන් හැකියාවන්, සැපයුම් හා ආධාරක පද්ධතිවලින් සමන්විත ආරක්‍ෂක හමුදා විශාල භූගෝලීය ප්‍රදේශයක සිටිය යුතුය.” යනුවෙන් ඇය වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවාය. affiliate link trace | Mens Flynit Trainers