Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2019 13:09:45 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය සිය රාජකාරි කටයුතු අරඹයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 15 වන සභාපතිතුමිය ලෙස සුජීවා නෙල්සන් මහත්මිය ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින ආගමික ආශිර්වාද, උණුසුම් සුභපැතුම් මධ්‍යයේ නාරහේන්පිට පිහිටි සිය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

විචිත්‍ර ධර්ම කථිකයෙකු වන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් මහා සංඝරත්නය විසින් සිදුකරන ලද ‘සෙත් පිරිත්’ සජ්ඣයනා මධ්‍යයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය නාරහේන්පිට පිහිටි සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී භාරගනු ලැබුවාය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකක‌යේ සභාපතිනි ශිරෝමි ලියනගේ මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක නිලධාරිනි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාවේ දී නව සභාපතිතුමිය කෙටි දේශනයක් සිදුකරමින් අනාගත භූමිකාවන් ඉටුකිරීම සඳහා සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටියාය.

මෙම අවස්ථාව සඳහා සියලුම රෙජිමේන්තු සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන් සහභාගි වූ අතර සමුහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය. latest Nike release | Air Jordan 1 Mid - Collection - Sb-roscoff