Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2019 13:24:08 Hours

සරණාගතයින්ගේ වර්ධනය ප්‍රධාන ගැටළු වලින් එකක් බව ආචාර්ය චෞද්රි පවසයි

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ දෙවන දින පළමු සැසිවාරයේදී බංගලාදේශයේ භාරකාර රජයේ හිටපු විදේශ ඇමති (2007 සිට 2009 දක්වා), හිටපු තානාපති සහ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත (2001 සිට 2007), එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති මෙන්ම ජිනීවාහි WTO (1996 සිට 2001), UNCTAD මහලේකම්වරයාගේ විශේෂ උපදේශක (2001) සහ කටාර් හි හිටපු තානාපති (1994 සිට 1996) මෙන්ම පේරු හා චිලි රාජ්‍යයේ හිටපු තානාපති බංගලාදේශ ජාතික ආචාර්ය ඉෆ්තෙකර් අහමඩ් චෞද්රි මහතා ( Dr Iftekhar Ahmed Chowdhury) ‘සරණාගතයින්ගේ වර්ධනය සහ අර්බුදයන් කළමනාකරණය කිරීම’ යන තේමාව පිළිබඳ අදහස් දක්වමින් සරණාගතයින් වර්ධනයවීම විශාල ව්‍යසනයක් බවට පත්වීමට පෙර ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට වැඩි යටිතල පහසුකම් හා සම්පත් අවශ්‍ය බව පෙන්වාදෙනු ලැබීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා වේදිකාවේදී, ඊයේ දින සන්ධ්‍යාවේ වේදිකා ගත වූ සංස්කෘතික රංගනය නැරඹීමෙන් පසු බංගලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර බොහෝ සමානකම් ඇති බව තමාට හැඟී ගිය බව ආචාර්ය චෞද්රි මහතා මෙහිදී පැවසීය.

‘සමකාලීන ආරක්‍ෂක භූ දර්ශනයේ’ හමුදාමය සූදානමෙහි වපසරයන් තුළ සරණාගතයින් වර්ධනය වෙමින් පවතින අතර 2018 වසර වනවිට පමණක් අර්බුදය කළමනාකරණය කිරීම තුලින් ලොව පුරා මිලියන 70.8 ක ජනතාවක් සිය කැමැත්තෙන් තොරව අවතැන්වීමකට ලක්වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ප්‍රචණ්ඩත්වය, ජනවාර්ගික ගැටුම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමයි. වර්තමානයේ, ඕනෑම රටක සරණාගත අර්බුදයක් වෙනුවෙන් භටකාර්ය සම්පාදන හැකියාවක් ඇති එක්ම සංවිධානය හමුදාවයි. 

“එය බොහෝදුරට රාජ්‍ය යාන්ත්‍රණයට හා එහි පරිපාලන යාන්ත්‍රණයට හෝ සිවිල් සමාජය හා මහජන ප්‍රජාව තුළ අසමසම ලෙස ප්‍රවර්ධන හැකියාවන් මත ක්‍රියාවට නංවයි. එබැවින් බොහෝ රටවල් තම හමුදාවන්ට එම වගකීම පවරයි. කෙසේ වෙතත්, එවැනි අවස්ථානුකූල යෙදවීම් සඳහා සූදානම් වන ලෙස ඉල්ලා සිටින අවස්ථාවලදී අතීතයේදී ලියවුණු කරුණු අනුව විවිධාකාර ගැටළු උද්ගතවී ඇති බව දක්නට ලැබේ. කෙසේ වෙතත්, අප අසා ඇති පරිදි ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල සන්නද්ධ හමුදාවන් කඩිනම් ප්‍රතිචාර දක්වා ඇත”

“මා විසින් ප්‍රකාශ කරන ලද හමුදාමය මැදිහත්වීම සහ සරණාගතයින් කළමණාකරණය පිළිබඳව ප්‍රකාශය භටපිරිස් උනන්දු කරවීමෙහිලා වඩාත් උචිත සාධකයක් වන බව හැඟී යයි. එවැනි සංවර්ධන කටයුතුවලට එරෙහිව එල්ල කරන ලද එක් චෝදනාවක් වූයේ, එය ඔවුන්ගේම හෝ දේශපාලන වශයෙන් සලකන අයට වැඩි ප්‍රමුඛතාවයක් සහ ආරක්‍ෂාවක් සපයනු ඇති බවයි. මේ තත්ත්වය රුවන්ඩාවේ සිටින ප්‍රංශ හමුදාව, හයිටියේ සිටින ඇමරිකානු හමුදාව, ජෝර්ජියාවේ සිටින රුසියානු හමුදාව, ලිබියාවේ සිටින නයිජීරියානු හමුදාව සහ නැගෙනහිර ටිමෝරයේ සිටින ඕස්ට්‍රේලියානු හමුදාව මෙන්ම සියෙරා ලියොන්හි සිටින බ්‍රිතාන්‍යය හමුදාව තුලින් මැනවින් දැකගත හැකිය” යනුවෙන් එතුමන් පැවසීය. Authentic Sneakers | nike air jordan lebron 11 blue eyes black people