30th August 2019 14:55:17 Hours
‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ හි දෙවන දිනයේ පළමු සැසිවාරයේ අවසාන කථිකයා ලෙස ‘සමකාලීන ආරක්‍ෂක භූ දර්ශනය තුළ හමුදාවන් සූදානම් කිරීමේ අභියෝග’ යන තේමාව පදනම් කරගනීමින් ආරක්‍ෂක අංශ පාලනය සඳහා ජිනීවා මධ්‍යස්ථානයේ ආසියා පැසිෆික් ඒකකයේ ප්‍රධානී ස්විට්සර්ලන්ත ජාතික ආචාර්ය ඇල්බ්‍රෙක්ට් ෂෙනබෙල් මහතා (Albrecht Schnabel) සිය දේශනය සිදුකරමින් හමුදාවන් සූදානම් කිරීම සඳහා ආරක්‍ෂක යථාර්තයන් නැවත තක්සේරු කිරීමක් මෙන්ම නැවත සකස් කිරීමක් නිරන්තරයෙන් අවශ්‍ය බව පෙන්වාදෙනු ලැබීය.
“ආරක්‍ෂක අංශයන්හී සවිස්තරාත්මක සමාලෝචනයක් මඟින් තර්ජන, ප්‍රතිචාර සහ සූදානම අතර වඩාත් හොඳ තරඟයක් සහතික කිරීම සඳහා ගත හැකි පියවරයන් යෝජනා කළ හැකියි. රාජ්‍ය සේවාවක් ලෙස හමුදාවන් මගින් සාමාන්‍ය ජනතාව වෙත ආරක්‍ෂාව සැපයීම සඳහා කළමනාකරණය සහ අධීක්‍ෂණය සපයන පිරිස් ඇතුළුව ආරක්‍ෂක අංශයේ පූර්ණ ක්‍රියාකාරීන් අතර සම්බන්ධීකරණය මෙන්ම සහයෝගීතාවය ද නිරන්තරයෙන් අවශ්‍ය වේ.”
“දත්තයන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියක් හරහා තර්ජන විශ්ලේෂණය කිරීම වඩා වැදගත් වන බවත්, එපමණක් නොව ප්‍රතිචාර විශ්ලේෂණය කිරීම දැනට ක්‍රියාත්මක උපකරණ සහ මෙවලම් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් මත පදනම් වන බවත්” එතුමන් පැවසීය.
එතුමන් මීට අදාළ වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කරමින් හමුදා අංශ පිළිබඳ වැදගත් කරුණු සහ අභියෝග සඳහා සූදානම සංක්‍ෂිප්ත ලෙස ඉදිරිපත් කළේය.
“යහපත් ආරක්‍ෂක අංශ පාලනයක් සඳහා ආයෝජනය කිරීම සහ සමස්ත ආරක්‍ෂක අංශ වෙනස්වන ආරක්‍ෂක පරිසරයට හා අභියෝගයන්ට අනුවර්තනය වීම හමුදා සූදානමේ වැදගත් අංගයක් වන්නේ කෙසේද යන්න පිළිබඳ වූ අදහස් කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට ලැබීම මට මහත් ගෞරවයක්.”
“සමස්තයක් වශයෙන්, යහපාලන මූලධර්ම ඔස්සේ අඛණ්ඩ ආරක්‍ෂක අංශ සංවර්ධනය/ ප්‍රතිසංස්කරණ (SSD/R) වෙනත් වචනවලින් කිවහොත් වෙනස්වන අභ්‍යන්තර හා බාහිර ආරක්‍ෂක පරිසරයන්ට ගැලපෙන පරිදී හමුදා සූදානම සඳහා ඉතා වැදගත් බව මගේ ඉදිරිපත් කිරීමේ දී අවධාරණය කිරීමට කැමැත්තෙමි.”
“දේශපාලන පද්ධතියේ වෙනස්වීම්, ආර්ථික සංවර්ධනය හෝ පශ්චාත් ගැටුම් නැවත ගොඩනැඟීම වැනි වෙනස්කම් වලට සමාන්තරව සිදුවන විට මෙය වඩාත් වැදගත් වේ. වෙනස්වන ආරක්‍ෂක සන්දර්භයන්ට අනුවර්තනය වන විට, ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීම සමස්ත ආරක්‍ෂක අංශයේ සංවර්ධනය / ප්‍රතිසංස්කරණ තුළට ඇතුළත් කළ යුතුය.” යනුවෙන් එතුමන් සිදු කළ දේශනයේ දී වැඩිදුරටත් කරුණු අවධාරණය කරනු ලැබීය. best Running shoes brand | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092